‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ පොතුවිල් ප්‍රදේශයේ සිදුකල කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා සහය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ සමුද්‍රීය පරිසර සංරක්‍ෂණය සඳහා දායක වන නාවික හමුදාව, රොටරැක්ට් ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනය (Rotaract Informatics Institute of Technology -RIIT) හා එක්ව පොතුවිල් යුරානි කලපු ප්‍රදේශයේ කඩොලාන පැළ 1000ක් රෝපනය කිරීමේ ව්‍යාපෘතියක් 2025 අප්‍රේල් මස 26 වැනි දින ආරම්භ කෙරිණි.
ඒ අනුව, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට සමගාමීව සංවිධානය කෙරුණු මෙම කඩොලාන රෝපණය කිරීමේ ව්‍යාපෘතිය මඟින් වෙරළ ඛාදනයවීම වැලැක්වීම, සමුද්‍ර ජීවීන් සඳහා වාසස්ථාන ඇති කිරීම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් වෙරළ පරිසර පද්ධතියට සිදුවන හානිය වැලැක්වීමට අපේක්‍ෂා කෙරිණි.