ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 19 වැනි දින සහ 26 වැනි දින දකුණු පළාත තුළ සිදුකරන ලද වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය ලබාදීම සිදු කෙරිණි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයිනේ සියළුම වෙරළ ප්‍රදේශ ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් සඳහා දායකත්වය දක්වනු ලබයි. ඒ අනුව 2025 අප්‍රේල් මස 19 වැනි දින සහ 26 වැනි දින දකුණු නාවික පෙදෙස භාර ආඥාපතිගේ උපදෙස් මත ගාල්ල කොටුපවුර ආශ්‍රිත වෙරල තීරය සහ හම්බන්තොට නගරයේ වෙරළ උද්‍යාන භූමියේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා පූර්ණ දායකත්වය මෙලෙස ලබාදීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.
ඒ අනුව, මෙම වැඩසටහන මඟින් වෙරළ තීරයේ විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් හා ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැලි කසල විශාල ප්‍රමාණයක් එක්රැස්කර වෙරළ තීරයෙන් ඉවත් කිරීමටත්, නිසි ලෙස පරිසරයට හානි නොවන ලෙස බැහැර කිරීමටත් නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරිණි.