බටහිර නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් බටහිර නාවික විධානයේ ආඥාපතිගේ උපදෙස් මත එම විධානය විසින් සංවිධානය කල ‘වසන්ත උදානය - 2025’ විචිත්‍රවත් බක්මහ උළෙල 2025 අප්‍රේල් මස 27 වැනි දින මාණ්ඩලික ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික ‍නෞකා ගැමුණු ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

සාම්ප්‍රදායික සිංහල හා දෙමළ සංස්කෘතිකාංග හා ජන ක්‍රීඩා අංගයන් ගෙන් සමන්විතව පැවැත්වුණු මෙම බක්මහා උළෙල සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරු, බටහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, සිවිල් කාර්ය මණ්ඩලය සහ නාවික පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.

තවද, සූර්යය මංගල්‍යයට සමගාමීව රාත්‍රී සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු අතර, ගායන හා නර්ථන අංගයන්ගෙන් එය වර්ණවත් විය.