නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වාර්ෂික ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුමට සහභාගි වෙයි
කොළඹ 05, ජාවත්ත සුසාන භූමියේ 2025 අප්‍රේල් මස 25 වැනි දින පැවති වාර්ෂික ඕස්ට්‍රේලියානු හා නවසිලන්ත ජාතික අනුස්මරණ දින සැමරුම් උත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි සහභාගි විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු පෝල් ස්ටීවන්ස් මැතිතුමා, නවසීලන්ත මහ කොමසාරිස් අතිගරු ඩේවිඩ් පයින් මැතිතුමා, එක්සත් ජනපද තානාපති අතිගරු ජූලි චන්ග් මැතිනිය, සහ ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීන් ද සහභාගී වූ අතර, ඔවුන් ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සදහා ද එක් විය.
1915 වසරේදී ඇති වූ ගැලිපෝලි සටනින් මියගිය ඕස්ටේ‍්‍රලියානු සහ නවසීලන්ත රණවිරුවන් සිහිකිරීම සඳහා සෑම වසරකම අපේ‍්‍රල් මස 25 වන දින ‘ඇන්සැක් දිනය’ ලෙස නම් කොට ඇත. එසේම තම දේශය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකිරීමද මෙදින සිදු කරනු ලබයි.
මෙම සුවිශේෂී අවස්ථාවට ආගමික නායකයින්, රාජ්‍ය තාන්ත්‍රික සාමාජිකයින් සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී විය.