කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 22 වැනි දින දිවයිනට පැමිණි කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’යුද නෞකාව 2025 අප්‍රේල් 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.

එමෙන්ම, මෙම නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ නෞකාවේ නැව්මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ‍විශේෂ වැඩසටහන් සඳහා සහ දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට එම නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය සඳහාද අවස්ථාව උදා විය.

තවද, මෙම නිල සංචාරයේදී, නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවිමක්ද සිදුකෙරිණි.