වැදගත් සිදුවීම්
කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව නිළ සංචාරයක් සඳහා අද (2025 අප්‍රේල් 22) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
22 Apr 2025
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් නිල හමුවක් සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් Faheem-Ul-Aziz (විශ්‍රාමික) නිළ හමුවක් සඳහා 2025 අප්‍රේල් මස 21 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ නියෝජ්‍ය ආඥාපති හමු විය.
22 Apr 2025
සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් උතුරු මැද නාවික විධානය විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි
සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් උතුරු මැද නාවික විධානය මඟින් සංවිධානය කල විචිත්‍රවත් බක්මහ උළෙලක්, එම නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2025 අප්‍රේල් මස 20 වැනි දින තලෛයිමන්නාරම, පියර්ගම රෝමානු කතෝලික විද්‍යාල ක්‍රීඩාංගනයේදි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
22 Apr 2025
නාවික හමුදාධිපති ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, 2025 අප්‍රේල් මස 21 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිල සංචාරයක නිරත වෙමින් එම ආයතනයේ පුහුණුව ලබන ආධුනික නාවිකයන්, පුහුණු උපදේශක කාර්යමණ්ඩලයේ නිලධාරින් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් ඇමතිමට කටයුතු කෙරිණි. එහිදී, පුහුණුවන නාවිකයන් වෙත සහ පුහුණු කාර්ය මණ්ඩලය වෙත ඇති වගකිම් අවධාරණය කෙරුණු අතර, පුහුණු කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.
22 Apr 2025


