කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
කොරියානු ජනරජ නාවික හමුදාවට අයත් ‘KANG GAM CHAN’ නෞකාව නිළ සංචාරයක් සඳහා අද (2025 අප්‍රේල් 22) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි Destroyer වර්ගයට අයත් ‘KANG GAM CHAN’ යුද නෞකාව, දිගින් මීටර් 149.5ක් හා නැව් මුළුව 262ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කපිතාන් Kuon Yong Gu කටයුතු කරනු ලබයි.
තවද, මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, නිළ සංචාරයෙන් අනතුරුව ‘KANG GAM CHAN’ නෞකාව 2025 අප්‍රේල් මස 24 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.