ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් නිල හමුවක් සඳහා නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් Faheem-Ul-Aziz (විශ්‍රාමික) නිළ හමුවක් සඳහා 2025 අප්‍රේල් මස 21 වැනි දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, එම විධානයේ නියෝජ්‍ය ආඥාපති හමු විය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් සහ නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති අතර දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණී.