සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් උතුරු මැද නාවික විධානය විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි
සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් උතුරු මැද නාවික විධානය මඟින් සංවිධානය කල විචිත්‍රවත් බක්මහ උළෙලක්, එම නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් 2025 අප්‍රේල් මස 20 වැනි දින තලෛයිමන්නාරම, පියර්ගම රෝමානු කතෝලික විද්‍යාල ක්‍රීඩාංගනයේදි උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
සාම්ප්‍රදායික සිංහල හා දෙමළ සංස්කෘතිකාංග හා ජන ක්‍රීඩා අංගයන් ගෙන් සමන්විතව පැවැත්වුණු මෙම බක්මහ උළෙල සඳහා උතුරු මැද නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක්ද සහභාගී වූහ.
තවද, බක්මහ උළෙලට සමගාමීව සිවිල් ප්‍රජාව වෙනුවෙන් නොමිලේ ඇස් පරික්‍ෂා කිරීමේ සායනයක්ද උතුරු මැද නාවික විධානය විසින් බාහිර ආයතනයක දායකත්වයෙන් සංවිධානය කෙරුණු අතර, විචිත්‍රවත් රාත්‍රී සංගීත ප්‍රසංගයකින් අනතුරුව බක්මහ උළෙල නිමාවට පත් විය.
























