නාවික හමුදාධිපති ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිල සංචාරයක නිරත වෙයි
නාවික හමුදාධිපති, 2025 අප්‍රේල් මස 21 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිල සංචාරයක නිරත වෙමින් එම ආයතනයේ පුහුණුව ලබන ආධුනික නාවිකයන්, පුහුණු උපදේශක කාර්යමණ්ඩලයේ නිලධාරින් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් ඇමතිමට කටයුතු කෙරිණි. එහිදී, පුහුණුවන නාවිකයන් වෙත සහ පුහුණු කාර්ය මණ්ඩලය වෙත ඇති වගකිම් අවධාරණය කෙරුණු අතර, පුහුණු කටයුතු කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට නාවික හමුදාධිපති විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති විසින් නාවික හමුදාධිපති නිපුණ ආයතනය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ප්‍රථමයෙන් පුහුණුවන නාවිකයින් ඇමතූ නාවික හමුදාධිපති, ඉන් පසුව පුහුණු උපදේශක කාර්ය මණ්ඩලය අමතන ලදි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ජාතික ආරක්‍ෂාවේ ප්‍රමුඛ කාර්යය භාරයක් ශ්‍රි ලංකා නාවික හමුදාවට පැවරී ඇති බවත්, ජාතික සමුද්‍රීය අභිලාශය සාක්‍ෂාත් කරගැනීම වෙනුවෙන් නාවික හමුදාවට පැවරී ඇති එම සුවිශේෂී වගකිම ඉටුකර ගැනීම වෙනුවෙන්, රාජකාරියට කැපවීම නාවික හමුදාව සැමගෙන් අපේක්‍ෂා කරන බවත් පවසන ලදි.