සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ගිණිකොන නාවික විධානය මඟින්, සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර සහ සංස්කෘතිකාංගයන්ට ප්රමුඛත්වයක් දෙමින් සංවිධානය කල බක්මහ උළෙල, 2025 අප්‍රේල් මස 15 වැනි දින ගිණිකොන නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග සහ 2025 අප්‍රේල් මස 18 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනයන්හිදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.