ගිණිකොන නාවික විධානය බක්මහ උළෙල උත්කර්ශවත්ව පවත්වයි
සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ගිණිකොන නාවික විධානය මඟින්, සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංගයන්ට ප්‍රමුඛත්වයක් දෙමින් සංවිධානය කල බක්මහ උළෙල, 2025 අප්‍රේල් මස 15 වැනි දින ගිණිකොන නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග සහ 2025 අප්‍රේල් මස 18 වැනි දින ශ්‍රී ලංකා නාවික නෞකා දීඝායු ආයතනයන්හිදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
තවද, සාම්ප්‍රදායික ජන ක්‍රීඩා, විනෝදාත්මක ක්‍රීඩා සහ පානම ප්‍රදේශයේ සිවිල් ප්‍රජාවගේද සහභාගිත්වයෙන් පැවැත්වුණු ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවෙලියකින්ද සමන්විත වු මෙම අවුරුදු උත්සවය සඳහා, ගිණිකොන නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග සහ දිඝායු ආයතනයන්ට අනුයුක්ත ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින්, නාවික පවුල්වල සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන්ගේද දායකත්වය හිමිවිය.