දකුණු නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් දකුණු නාවික විධානය මඟින් සංවිධානය කල විචිත්‍රවත් බක්මහ උළෙලක් ‘සූර්ය මංගල්‍යය’ නමින් 2025 අප්‍රේල් මස 18 වැනි දින දකුණු නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික ‍නෞකා නිපුණ ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

සාම්ප්‍රදායික සිංහල හා දෙමළ සංස්කෘතිකාංග හා ජන ක්‍රීඩා අංගයන් ගෙන් සමන්විතව පැවැත්වුණු මෙම බක්මහා උළෙල සඳහා දකුණු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ නාවික පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

තවද, සූර්යය මංගල්‍යයට සමගාමීව රාත්‍රී සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු අතර, ගායන හා නර්ථන අංගයන්ගෙන් එය වර්ණවත් විය.