උතුරු නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුදු උළෙල සාර්ථකව පවත්වයි
සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් උතුරු නාවික විධානය මඟින් සංවිධානය කල බක්මහ උළෙලක් 2025 අප්‍රේල් මස 18 වැනි දින උතරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර, ජන ක්‍රීඩා, විනෝදාත්මක අංගයන් ඇතුළු සංස්කෘතිකාංගයන් ගෙන් සමන්විතව පැවැත්වුණු මෙම බක්මහා උළෙල සඳහා උතුරු නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ නාවික පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටයහ.