නැගෙනහිර නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ අවුරුදු උළෙලක් පවත්වයි
සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංගයන්ට ප්‍රමුඛත්වයක් දෙමින් නැගෙනහිර නාවික විධානය මඟින් සංවිධානය කල බක්මහ උළෙල, ‘සූර්ය මංගල්‍යය’ නමින් 2025 අප්‍රේල් මස 17 වැනි දින නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.
සාම්ප්‍රදායික ජන ක්‍රීඩා මෙන්ම විනෝදාත්මක අංගයන් රැසක් ඇතුලත් වූ මෙම බක්මහ උළෙල සඳහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ නාවික පවුල්වල සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක්ද සහභාගී වූහ.
තවද, අවුරුදු උත්සවය අවසානයේදී පැවති සංගීත ප්‍රසංගයේදී නාවික හමුදා පුද්ගලයන් හටද තම හැකියාවන් ප්‍රදර්ශනය සඳහා අවස්ථාවක් උදාවිය.