වයඹ නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් බක්මහා උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් වයඹ නාවික විධානය මඟින් සංවිධානය කල බක්මහා උළෙලක් 2025 අප්‍රේල් මස 16 වැනි දින වයඹ නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවික ‍නෞකා භරණ ආයතනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

සාම්ප්‍රදායික අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංගයන්ට ප්‍රමුඛත්වයක් දෙමින් සංවිධානය කෙරුණු මෙම බක්මහා උළෙල සඳහා සාම්ප්‍රදායික ජන ක්‍රීඩා මෙන්ම විනෝදාත්මක අංගයන් රැසක් ඇතුලත් විය.

තවද, ‍මෙම අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් සහ නාවික පවුල්වල සාමාජිකයින් පිරිසක් සහභාගී වී සිටයහ.