නාවික හමුදාව මඟින් තිරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමණාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක්
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජාව බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මුහුදේදී තිරණාත්මක සෞඛ්‍ය සහ හදිසි රෝගී අවස්ථා කළමණාකරණය සම්බන්ධයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කර බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 11 වැනි දින වාලච්චේන ධීවර වරාය පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධාන වෛද්‍ය කාර්යය මණ්ඩලය විසින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කල මෙම පුහුණූ වැඩසටහන මඟින් මුහුදේදී ඇතිවන තීරණාත්මක සෞඛ්‍ය ගැටළු සහ හදිසි රෝගී තත්වයන්හීදී ජීවිත බේරා ගැනීමේ ශිල්පීය ක්‍රම සහ යහපත් සෞඛ්‍ය පිළිවෙත් පිළිබඳ වාලච්චේන ප්‍රදේශයේ ධීවර ප්‍රජාව බල ගැන්වීම සිදු කෙරිණි.
එහිදි, මානසික යහපැවැත්ම, ඇබ්බැහිවිම් කළමණාකරනය, හදිසි රෝගී තත්වයකදී මූලික ප්‍රථමාධාර ලබාදීම පිළිබඳ ධීවර ප්‍රජාව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව දැනුවත් කිරීමෙන් අනතුරුව, ධීවර ප්‍රජාව වෙනුවෙන් බෝ නොවන රෝග සම්බන්ධ සායනයක් පැවැත්වීමටද නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.