නාවික හෙද විදුහලෙහි 2024 බඳවා ගැනීමට අයත් හෙද සිසුන් 34ක් සේවයට කැප වීමේ ප්‍රතිඥාව ලබාදෙයි

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයට අනුබද්ධිතව, ශ්‍රී ලංකා නාවික නෞකා තක්‍ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හමුදා හෙද විදුහලේ 2024 බඳවා ගැනීමට අයත් යුද, නාවික හා ගුවන් හමුදා හෙද සිසුන් 34 දෙනෙකු සේවයට කැපවීමේ හා ප්‍රතිඥා දීමේ උත්සවය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී 2025 අප්‍රේල් මස 09 වැනි දින පැවැත්විණි.

ඒ අනුව, නාවික හමුදා හෙද සිසුන් 24 දෙනෙකු, යුද්ධ හමුදා හෙද සිසුන් 04 දෙනෙකු සහ ගුවන් හමුදා හෙද සිසුන් 06 දෙනෙකු සඳහා තුන්සිළු පහන් ප්‍රදානය කිරීමත්, කාන්තා හෙද සිසුන් සඳහා හිස් වැසුම් පැළඳවීමත් මෙහිදී නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් පැමිණි ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සිදු කෙරිණි. එමෙන්ම, හෙද පාඨමාලාවේදී වැඩිම ලකුණු ලබා ගත් හෙද සිසුන් 12ස් දෙනෙකු වෙත විෂය ප්‍රවීණතා පදක්කම් පිරිනැමිමද එහිදි සිදු කෙරිණි.

තවද, මෙම උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ජෙනරාල් වෛද්‍ය සේවා, වෛද්‍ය ලාල් පනාපිටිය මහතා, ත්‍රිවිධ හමුදවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ හෙද සිසුන්ගේ පවුල් වල සාමාජිකයින් පිරිසක් සහභාගී වි සිටියහ.