දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරි සැලැස්ම 2025-2029 එළිදැක්වීමේ අවස්ථාව නාවික හමුදා පුද්ගලයින් හට සජීවීව නැරඹීම සඳහා නාවික හමුදාව පහසුකම් සලසයි
දුෂණ විරෝධි ජාතික ක්‍රියාකාරි සැලැස්ම 2025-2029 (National Anti-Corruption Action Plan- NACAP) එළිදැක්වීම, 2025 අප්‍රේල් මස 09 වැනි දින, ශ්‍රී ලංකා ජනාධිපති ගරු අනුරකුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඔ බංඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති සහභාගී විය.
ඒ අනුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවේ ඉදිරි වසර පහ සඳහා වන 2025-2029 ජාතික ක්‍රියාකාරි සැලැස්ම ගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් එළි දැක්වීම සිදු කෙරුණූ අවස්ථාව නාවික හමුදාවේ සියළු නෞකා හා ආයතන ආවරණය වන පරිදි නැරඹීම සඳහා නාවික හමුදා අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කෙරිණී.