නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් මොණරාගල දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සන්ෂයින් ෆවුන්ඩේෂන් ෆෝ ගුඩ් (Sunshine Foundation for Good) ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් මොණරාගල දිස්ත්‍රීක්කයේ මඩුල්ල, අල්පිටිය මහා විදුහල් භූමියේ ස්ථාපිත කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2025 අප්‍රේල් මස 10 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

තවද, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් ස්ථාපනය කල මෙම 1091 වැනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් දිනකට ජල ලීටර් 10000ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමට හැකියාව ඇති අතර, එමඟින් එම පාසලේ ඉගෙනුම ලබන ළමුන් සහ ගුරු මණ්ඩලයේ මෙන්ම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.