උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා වැඩ භාර ගනියි
උතුරු මැද නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත්කෙරුණු රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා අද (2025 අප්‍රේල් 09) එම විධාන මූලස්ථානයේදී ආඥාපති ධුරයේ වැඩ භාර ගැනීම සිදු කෙරිණි.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු මැද නාවික විධානය වෙත රියර් අද්මිරාල් ඉන්දික ද සිල්වා පිළිගැනීමෙන් අනතුරුව, එම විධාන මූලස්ථානයේදී ආඥාපති ධුරයෙහි රාජකාරීන් නව ආඥාපති විසින් භාර ගැනීම සිදු කෙරිණි.