නාවික හමුදාව මඟින් ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා බලගැන්වීමේ වැඩසටහනක්
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජා බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා බල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා ගිණිකොණ නාවික විධානයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, ආපදාවට පත්විය හැකි ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාව ආපදා කළමණාකරනය සම්බන්ධයෙන් දැනුවත් කර බල ගැන්වීම වෙනුවෙන්, අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සිදුකල ඉල්ලීමකට අනුව, නාවික හමුදා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ මෙහෙයවීමෙන් සිදුකෙරුණු මෙම පුහුණූ වැඩසටහන සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරෙයි, කාර්තිව් සහ සයින්දමර්දු යන ප්‍රදේශ නියෝජනය කරමින් සිවිල් වැසියන් තිස්පස් දෙනෙකු (35) සහභාගී වූහ.
මෙම පුහුණු වැඩසටහන, හදිසි ආපදා තත්වයකදී ප්‍රජාවගේ ක්ෂණික ප්‍රකෘතිමත් අවධියට එළඹීමේ හැකියාව වර්ධනය කිරීම, ඒ සඳහා සූදානම වැඩිදියුණු කිරීම සහ ආපදා අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ප්‍රජාවගේ ඵලදායි ප්‍රතිචාර සහතික කිරීම ආවරණය වන පරිදි සැලසුම් කෙරුණු අතර, එමඟින් ආපදා තත්වයකදී පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති, ආපදා ස්ථානයෙන් පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම සහ ආපදා සහන සම්බන්ධයෙන් සිවිල් ආයතන සමඟ නිසි ලෙස සම්බන්ධීකරණය වීම පිළිබඳව න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව ප්‍රජාව දැනුවත් කිරීම හා බල ගැන්වීම සිදු කෙරිණි.