නාවික හමුදාධිපති නිර්මාණාත්මක ලිවීමේ හැකියාව අගයයි

නිර්මාණාත්මක ලිවීමේ වටිනාකම නාවික හමුදාධිපති විසින්, ලුතිනන් කොමාණ්ඩර් (සිඉ) ආර්ඒටීඩී රාජපක්‍ෂ විසින් රචිත කෙටිකතා එකතුවක් නාවික හමුදාධිපති වෙත පිළිගැන්වීම වෙනුවෙන්, 2025 අප්‍රේල් මස 07 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී සංවිධානය කෙරුණු අවස්ථාවේදී අවධාරණය කෙරිණි.

මෙහිදි නිර්මාණාත්මක හා විශ්ලේෂණාත්මක ලිවීමේ වැදගත්කම සම්බන්ධව නාවික හමුදාධිපති විසින් සඳහන් කල අතර, සෑම නාවික හමුදා පුද්ගලයෙකු විසින්ම මෙලෙස නිර්මාණකරනයේ යෙදීමේ වැදගත්කමද අවධාරණය කරන ලදි.