ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2025 අප්‍රේල් මස 04 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව අද (2025 අප්‍රේල් 07) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
එමෙන්ම, මෙම නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ නෞකාවේ නැව්මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහන් සඳහා සහ දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට එම නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය නිරීක්‍ෂණය සඳහාද අවස්ථාව උදා විය.
තවද, මෙම නිල සංචාරයේදී, නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවිමක්ද සිදුකෙරිණි.