නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් ජනතා අයිතියට
නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ මූල්‍ය දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හීනුක්කිරියාව සහ නාවක්කුලම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරසථාන පරිශ්‍රයේ ස්ථාපනය කල ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන 2025 අප්‍රේල් මස 04 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ අනුව, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ඉදිකල මෙම 1089 හා 1090 වැනි ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් එක් මධ්‍යස්ථානයකින් දිනකට ජල ලීටර් 10000ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමට හැකියාව ඇති අතර, එමඟින් හීනුක්කිරියාව සහ නාවක්කුලම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.