නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාවේ තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය අංශයේ මූල්‍ය දායකත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ මහින්දාගම ග්‍රාම නිලධාරී කොටඨාසයට අයත් ශ්‍රී මහසෙන් විහාර භූමියේ ස්ථාපිත කරන ලද ප්‍රථිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2025 අප්‍රේල් මස 03 වැනි දින ජනතා අයිතියට පත් කෙරිණි.

තවද, නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය මඟින් ස්ථාපනය කල මෙම 1088 වැනි ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් දිනකට ජල ලීටර් 10000ක පමණ ප්‍රමාණයක් පිරිපහදු කිරීමට හැකියාව ඇති අතර, එමඟින් එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.