එක්සත් ජනපද නාවික හමුදාවේ කාලගුණ හා සාගර විද්‍යා විධානයේ සහ ජාත්‍යන්තර නීති අධ්‍යයන ආරක්‍ෂක ආයතනයේ නිලධාරීන් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
එක්සත් ජනපද නාවික හමුදාවේ කාලගුණ හා සාගර විද්‍යා විධානයේ (U.S. Navy’s Meteorological and Oceanographic Command – NMOC) ගේබ්‍රියෙල් අයිවන් මහත්මිය (Gebrielle Ivan) සහ ජාත්‍යන්තර නීති අධ්‍යයනය සඳහා වන එක්සත් ජනපද ආරක්‍ෂක ආයතනයේ (U.S. Defense Institute of International Legal Studies – DIILS) ඩේවිඩ් ලී මහතා (David Lee) ඇතුලු නිලධාරින් පිරිසක් නිල හමුවක් සඳහා 2025 අප්‍රේල් 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය කාර්යාලය වෙතින් සිදුකල ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය සේවාවේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා අවශ්‍යය තාක්‍ෂණික සහයෝගීතාවය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින්, එක්සත් ජනපද නාවික හමුදාවේ කාලගුණ හා සාගර විද්‍යා විධානයේ සහ ජාත්‍යන්තර නීති අධ්‍යයනය සඳහා වන එක්සත් ජනපද ආරක්‍ෂක ආයතනයේ නිලධාරීන් පිරිසක් 2025 අප්‍රේල් මස 01 වැනි දින සිට 04 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරය නිරත වේ.
ඒ අනුව සිදුකෙරුණු මෙම නිල හමුවේදී, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය සඳහා Deepwater Multi- Beam Echo Sounder (MBES) උපකරණයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබා දීම ඇතුළු, නාවික හමුදාවේ සහ ජල ශාස්ත්‍රීය සේවාවේ හැකියාවන් වර්ධනය කිරීම හා සම්බන්ධ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.
තවද, මෙම නිල හමුව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, එක්සත් ජනපද නාවික හමුදාවේ කාලගුණ හා සාගර විද්‍යා විධානයේ සහ ජාත්‍යන්තර නීති අධ්‍යයනය සඳහා වන එක්සත් ජනපද ආරක්‍ෂක ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ජාතික ජල ශාස්ත්‍රිය ප්‍රධානී ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.