සමතුලිත සහ සෞඛ්‍ය සම්පන්න නැව් මුළුවක් වෙනුවෙන් නාවික හමුදාව තවත් කඳු තරණ ක්‍රියාකාරකමක නිරතවෙයි
රාජකාරී හා පෞද්ගලික ජීවිතයේ සමබරතාවය තුළින් නිරෝගී නාවික හමුදාවක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වු ක්‍රියාකාරකම් නිරන්තරයෙන් සිදු කරනු ලබයි. එහි එක් නව මානයක් ලෙස කඳු තරණය කිරීම සඳහා නාවික පුද්ගලයින් උනන්දු කිරීම සිදු කරණු ලබයි, ඒ අනුව, වැඩ බලන අධ්යක්ෂ ප්‍රතිපත්ති හා සැලසුම් ගේ පූර්ණ අධික්ෂණය යටතේ එම කාර්යය මණ්ඩලයේ නාවික පුද්ගලයින් 34 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 මාර්තු මස 28 සහ 29 යන දෙදින ශ්‍රීපාද අඩවිය ගවේෂණය කිරීමේ වැඩසටහනක් සිදු කෙරිණි.
මෙහිදි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පරිසර හිතකාමී පුරුදු ඇති කිරීමත්, පාරසරික ආචාර ධර්ම සමාජය තුල පෝෂණය කිරීමත් යන අරමුණු මූලික කරගනිමින් ගවේශණය අවසානයේ නැවත පැමිණිමේදී ශ්‍රීපාද අඩවිය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් මෙම ගවේශණ කණ්ඩායම විසින් සිදු කෙරිණි.
ඒ අනූව, නාවික හමුදාවේ සෞඛ්‍යය සහ යහපැවැත්ම වර්ධනය කරමින් ශක්තිමත් සෞඛ්‍යය සම්පන්න නාවික හමුදාවක් බිහි කිරීමේ අරමුණෙන් සිඳුකෙරුණු මෙම ගවේශනයේදී, පිරිසිදු පරිසරයක් හා පිරිසිදු ශ්‍රී ලංකාවක් සඳහා වු නාවික හමුදාවේ ස්ථීර කැපවීම මෙලෙස පෙන්නුම් කෙරිණි.