ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ ගරු සභාපති රියර් අද්මිරාල් මනිල් මෙන්ඩිස් (විශ්‍රාමික) 2025 අප්‍රේල් මස 02 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදා සංගමයේ අනුශාසක වශයෙන් කටයුතු කරනු ලබන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
ඒ අනුව, මෙම නිල හමුවේදී නාවික හමුදා සංගමයේ ගරු සභාපති සහ නාවික හමුදාධිපති අතර නාවික හමුදා සංගමයේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වැදගත් කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමක් සිදු කෙරුණු අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදා සංගමයේ ගරු සභාපති විසින් නාවික හමුදාධිපති වෙත තිළිණ ප්‍රධානයක්ද සිදු කෙරිණි.
තවද, මෙම නිල හමුව සඳහා නාවික හමුදා සංගමයේ ගරු උප සභාපති, භාණ්ඩාගාරික සහ ලේකම් ඇතුළු පිරිසක් ද සහභාගි වි සිටියහ.