10 වැනි වේග ප්‍රහාරක යාත්‍රා අසම්මතික යුධ උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමළයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය (FAF4) මඟින් පවත් වන ලද 10 වැනි වේගප්‍රහාරක යාත්‍රා අසම්මතික යුධ උපක්‍රම පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද පුහුණු නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රධානය ධජ නිලධාරී නාවික දියත් විධානයගේ ප්‍රධානත්වයෙන් 2025 මාර්තු මස 29 වැනි දින හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මූලස්ථානයේදී සිදු කෙරිණි.

‍ඒ අනුව, මෙම පාඨමාලාව පුරා සති 06ක කාල සිමාවක් සිදු කෙරුණු අතර, එහිදි වෙරළබඩ ජල තීරයේදී වෙගප්‍රහාරක යාත්‍රා මෙහෙයුම් සාර්ථකව සිදු කිරීම හා යාත්‍රා හැසිරවීම සම්බන්ධයෙන් තරුණ නිලධාරීන්ගේ දැනුම සහ හැකියාවන් දියුණූ කිරීම මෙම පාඨමාලාවේ මුලික අරමුණ විය. පුරා වසර 30ක් පැවති යුද්ධයේදී වේග ප්‍රහාරක යාත්‍රා යොදා ගනිමින් සිදු කල අසම්මතික යුධ උපක්‍රම සම්බන්ධයෙන් ලද අත්දැකිම් පාදකකර ගනිමින් මෙම පාඨමාලාවන් පවත්වනු ලබයි.

එමෙන්ම, සහතික පත් ප්‍රධානයෙන් පසු ධජ නිලධාරි දියත් විධානය මඟින් පාඨමාලාව සාර්ථකව නිම කරන ලද පුහුණු නිලධාරීන් හට සුභාශිංනය පිරි නමන ලද අතර, එම සහතික පත් ප්‍රධාන උත්සවය සඳහා 4 වැනි වේග ප්‍රහාරක යාත්‍රා සමූහ මූලස්ථානයේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වි සිටියහ.