නාවික හමුදාව මඟින් ජාතික ඩෙංගු මර්ධණ වැඩසටහන සඳහා සහය

ජාතික ඩෙංගු මර්ධණ වැඩසටහන යටතේ ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පැවති ඩෙංගු මර්ධණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2025 මාර්තු මස27 සිට 29 දක්වා ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණී.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය, ත්‍රිකුණාමලය මහජන ‍සෞඛ්‍ය පරික්‍ෂක කාර්යාලය හා එක්ව සිදු කල මෙම වැඩසටහන මඟින්, ප්‍රදේශයේ නිවාස පරිශ්‍ර ආශ්‍රීතව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම සඳහා නාවික හමුදාව ප්‍රජාසත්කාරක දායකත්වය ලබාදුන් අතර, එහිදි ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමට ද නාවික හමුදාව දායක විය.