උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් ජගත් කුමාර වැඩ භාර ගනී

උතුරු නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් පත් කෙරුණු රියර් අද්මිරාල් ජගත් කුමාර 2025 මාර්තු 31 වැනි දින උතුරු නාවික විධාන මූලස්ථානයේදී, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීම සිදු කෙරිණි.

නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු නාවික විධානය වෙත රියර් අද්මිරාල් ජගත් කුමාර පිළිගැනීමෙන් අනතුරුව, එම නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග විසින් විධාන මූලස්ථානයේදී ආඥාපති ධූරයෙහි රාජකාරීන් නව ආඥාපති වෙත භාර දීම සිදු කෙරිණි.

තවද, උතුරු නාවික විධාන‍යේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් සුබපැතීමෙන් අනතුරුව, රියර් අද්මිරාල් තුෂාර කරුණාතුංග වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උතුරු නාවික විධානය වෙතින් සමුදීම සිදු කෙරිණි.