පාසල් පරිශ්‍ර “සතුට සපිරි පාසලක්” බවට ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථානය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය හා ප්‍රජා බලගැන්වීම

“සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, කඩවත බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය, කඩවත ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලය, ඉඹුල්ගොඩ පරකන්දෙණිය මායාදුන්න ප්‍රාථමික විද්‍යාලය සහ වැලිවේරිය එම්බරළුව මිහිඳු කනිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාල පරිශ්‍ර ආකර්ෂණීය ලෙස ප්‍රථිස්ථානය කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම 2025 මාර්තු මස 18 වැනි දින සිදු කෙරිණි.

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් ප්‍රථිස්ථානය කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිමේ ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරනු ලබයි.

එම ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කර ගනිමින් පාසැල් තුල, පිවිතුරු, ආදරණීය, සුරක්‍ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම මඟින්, ප්‍රීතිමත්, නිර්මාණශිලී, විනයගරුක සහ කුසලතා සපිරි උද්යෝගිමත් පාසල් ප්‍රජාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිදුකෙරෙණ දිවයිනේ තෝරාගත් පාසල් පරිශ්‍ර පිරිසිදු කර යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ පළමු අදියර යටතේ නාවික හමුදාව පාසල් පරිශ්‍ර 36ක් දරුවන්ගේ ඉගෙනීමට හිතකර ආකර්ෂණීය පරිශ්‍ර බවට ප්‍රථිස්ථානය කිරීමට මේ වන විට දායකවී ඇත.

ඒ අනුව, කඩවත බෞද්ධ ප්‍රාථමික විද්‍යාලය හා ශ්‍රී පේමානන්ද මහා විද්‍යාලය, ඉඹුල්ගොඩ පරකන්දෙණිය මායාදුන්න ප්‍රාථමික විද්‍යාලය සහ වැලිවේරිය එම්බරළුව මිහිඳු කනිෂ්ඨ විද්‍යාලය යන විද්‍යාල පරිශ්‍ර දරුවන්ගේ අධ්‍යාපනයට වඩාත් හිතකර ආකර්ෂණීය පරිශ්‍ර බවට පරිවර්තනය කිරීම වෙනුවෙන්, එම විද්‍යාලයන්හි දරුවන්, ගුරු භවතුන් සහ දෙමාපියන් හා එක්ව නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම, බටහිර නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් සිදුකෙරිණි.