ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2025 මාර්තු මස 16 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව, 2025 මාර්තු මස 19 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
එමෙන්ම, ‘PROVENCE’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුල එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට කටයුතු කෙරුණු අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද නෞකාව තුල පැවැත්විණී.