ප්‍රංශයේ ඉන්දියානු සාගර කලාපීය ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ප්‍රංශයේ ඉන්දියානු සාගර කලාපීය ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී (French Joint Forces Commander in the Indian Ocean) Rear Admiral Hugues Lainé නිල හමුවක් සඳහා 2025 මාර්තු මස 19 වැනි දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
ඒඅනුව, මෙම නිල හමුවේදී ඉන්දියානු සාගර කලාපයේ සමුද්‍රීය මෙහෙයුම් සම්බන්ධ නාවික හමුදාවේ කාර්ය භාර්ය ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ නාවික හමුදාධිපති සහ ප්‍රංශයේ ඉන්දියානු සාගර කලාපීය ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරී අතර අදහස් හුවමාරු කරගැනීම සිදුවිය.
තවද, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණී.