පානදුර අගමැති බාලිකා විද්‍යාලීය ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාවික හමුදාධිපති සහභාගී වෙයි
පානදුර අගමැති බාලිකා විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2025 මාර්තු මස 12 වැනි දින පානදුර මහජන ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුනු අතර, එහි සමාප්ති උළෙලේ ජය සංඛේත ප්‍රධානය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති පිළිගැනීම පානදුර අගමැති බාලිකා විද්‍යාලයේ විදුහල්පති එම්කේඑම්එන් ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය විසින් සිදුකිරීමෙන් අනතරුව, විද්‍යාලීය තූර්යය වාදක කණ්ඩායම සහ ශිෂ්‍ය භට කණ්ඩය විසින් නාවික හමුදාධිපති ක්‍රිඩා මණ්ඩපය වෙත කැඳවාගෙන ඒම සිදුකෙරිණි. එම අවස්ථාව සඳහා එම විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලයේද කටයුතු කරනු ලබන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී අනූෂා බානගොඩ මැතිනියද සහභාගි විය.
ක්‍රීඩා උත්සවයේදී සිසු දැරියන් ඇතුළු උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, විද්‍යාලීය නිවාසාන්තර ක්‍රිඩා උත්සවයේ ජය සංඛේත ප්‍රදානය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විමට සිදුකල ආරාධනය සම්බන්ධයෙන් විද්‍යාලීය විදුහල්පති ඇතුළු සංවිධායක මණ්ඩලය වෙත සිය ප්‍රසාදය ඵලකර සිටින බව පවසන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ක්‍රිඩාවෙන්, අධ්‍යාපනයෙන් සහ බාහිර ක්‍රියාකාරකම් තුළින් තම හැකියාව හා කුසලතා පෙන්වා පාසලේ ධජය ඉහලට ඔසවමින් රට ඉදිරියට රැගෙන යාමට සිසු දැරියන් හට අවස්ථාව ලැබී ඇති බවත්, ගුරුභවතුන් දෙමාපියන් සහ වැඩිහිටියන් ලබා දෙන ඔවදන් පිළිපදිමින් තම පවුලට, සමාජයට සහ රටට යහපත් පුරවැසියෙක් ලෙස සේවය කිරීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් අවධාරනය කෙරිණි. ක්‍රීඩාව සහ සරඹ තුළින් දරුවන්ගේ විනය සහ පෞරුෂ වර්ධනය සඳහා විශාල දායකත්වයක් වන බවත්, අනාගතයේදී නාවික හමුදාවේ පමණක් නොව ත්‍රිවිධ හමුදාවේ කාන්තා නියෝජනය සඳහා ඉතා හොද අවස්ථාවක් සිසු දැරියන් හට උදාවන බවත් එහිදී වැඩිදුරටත් පවසන ලදි.
තවද, උත්සව සභාව ඇමතීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති විසින් විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ සමාප්ති උළෙලේ ජය සංඛේත ප්‍රදානය සිදු කෙරිණි.