සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ SARCOMEX-25 අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි
සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ SARCOMEX-25 අභ්‍යාසය 2025 මාර්තු මස 11 වැනි දින ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Chennai) සහ ශ්‍රී ලංකාවේ කොළඹ (MRCC Colombo) සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමුද්‍රීය සෙවිම් හා මුදාගැනීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය හදිසි අවස්ථාවන්හීදී සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් පැවැත්වුණි.
මෙම අභ්‍යාසයේදී ශ්‍රී ලංකා සෙවීම් හා මුදාගැනීම් කලාපය තුලදී ඉන්දීය ධජය සහිත නෞකාවක් තුලට ජලකාන්දුවක් සිදුවීමේ අවස්ථාවක් සහ ශ්‍රී ලංකා ධජය සහිත නෞකාවක් වෙතින් ඉන්දීය සෙවීම් හා මුදාගැනීම් කලාපය තුලදී පුද්ගලයෙකු මුහුදට වැටීම යන අපදා අවස්ථාවන්හීදී සෙවීම් හා මුදාගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් අභ්‍යාස කෙරිණි.
එහිදි නිවැරදි පණිවුඩ හුවමාරුව, ආයතන අතර සහයෝගීත්වය, චෙන්නායි සහ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධිකරන මධ්‍යස්ථානයන්ගේ මෙහෙයුම් කර්‍යක්‍ෂමතාවය ඇගයීම සඳහා එම පුහුණු අභ්‍යාස සැලසුම් කර තිබුණි.
මෙවැනි අභ්‍යාසයන් මඟින් වැඩිදියුණුවන සහයෝගීත්වය, අන්තර් ක්‍රියාකාරීත්වය සහ හුවමාරු කරගනු ලබන නව දැනුම හා අත්දැකීම් තුලින්, ඉදිරි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මෙහෙයුම් වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස සිදුකිරීමට චෙන්නායි සහ කොළඹ සමුද්‍රීය සෙවිම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයන් වෙත අවස්තාව උදාවනු ඇත.