වැදගත් සිදුවීම්
සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ SARCOMEX-25 අභ්‍යාසය සාර්ථකව නිමාවට පත්වෙයි

සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ SARCOMEX-25 අභ්‍යාසය 2025 මාර්තු මස 11 වැනි දින ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC Chennai) සහ ශ්‍රී ලංකාවේ කොළඹ (MRCC Colombo) සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමුද්‍රීය සෙවිම් හා මුදාගැනීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය හදිසි අවස්ථාවන්හීදී සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් පැවැත්වුණි.
12 Mar 2025
ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ නියෝජිතයින් පිරිසක් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ඇමෙරිකා එක්සත් ජනපද ආරක්‍ෂක පාලන ආයතනයේ (Institute for Security Governance –ISG) නියෝජිතයින් පිරිසක් 2025 මාර්තු මස 11 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.
12 Mar 2025