ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් “ඔබේ සතුට ඔබ සමඟයි” මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්
මාර්තු මස 08 වැනි දිනට යෙදුනු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, “ඔබේ සතුට ඔබ සමඟයි” මැයෙන් කණිෂ්ඨ කාන්තා නාවිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 මාර්තු මස 11 වැනි දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
යහපත් ශාරීරික හා මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව කාන්තා නාවිකයින් දැනුවත් කිරීම සහ බලගැන්වීමේ අරමුණෙන් සංවිධානය කෙරුණු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා කණිෂ්ඨ කාන්තා නාවිකයින් 100 දෙනෙකු පමණ සහභාගී වූහ.
තවද, මෙම වැඩසටහනේ දැනුවත් කිරීමේ දේශන සඳහා සම්පත් දායකත්වය ලබාදීම නාවික හමුදා වෛද්‍ය දෙපාර්තමේන්තුව වෙතින් සිදුකෙරිණි.