නිකවැරටිය කටගමුව ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය
අක්‍රීය තත්වයේ පැවති නිකවැරටිය, කටගමුව ජලාශයේ සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට 2025 මාර්තු මස 10 වැනි දින කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, නිකවැරටිය, කටගමුව ජලාශයේ සොරොව් දොරටුවේ ඇතිවු දෝෂයක් හේතුවෙන් එය අක්‍රීයව ඇති බැවින් එම සොරොව් දොරටුව කඩිනමින් අළුත්වැඩියා කර දෙන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙතින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙතින් සිදුකල ඉල්ලීමකට අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් එම සොරව්වේ දොරටුව යතාතත්වයට පත් කිරීම සඳහා යොමු කෙරිණි. එම කණ්ඩායම විසින් සොරොව් දොරටුවේ තිබූ දෝශය ඉතා සූක්‍ෂමව නැවත පිළිසකර කර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද සහයෝගය ඇතුව සොරොව් දොරටුවේ සිරවී තිබූ වැලි, ගල් සහ මඩ ඉවත් කිරීම සිදු කෙරිණි.
තවද, මෙම නිකවැරටිය, කටගමුව ජලාශයේ සොරොව්ව නාවික හමුදා දායකත්වයෙන් යතාතත්වයට පත් කිරිමෙන් පසුව, කෘෂිකාර්මික ඉඩම් අක්කර 100කට වැඩි ප්‍රමාණයකට අවශ්‍ය වාරි ජලය එම ජලාශය වෙතින් කාර්යක්‍ෂමව නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.