ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් ගරු මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස් (විශ්‍රාමික) (Major General Faheem-Ul-Aziz (Retd) අද (2025 මාර්තු 11) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය.

මෙම නිල හමුවේදී, ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් විසින් 26 වැනි නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක නිරත විය.

තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් (Colonel Muhammad Farooq) ද සහභාගී වී සිටි අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.