රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටුවීමට සුදුසුකම් ලබයි
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාළයක් එක දිගට ඇවිදීමෙන් ගිනස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) 2025 මාර්තු මස 09 වැනි දින සුදුසුකම් ලැබීමට සමත් විය.
ඒ අනුව, යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 12ක කාලයක් තුල කිලෝ මිටර් 94.30ක දුරක් වේගවත්ව ඇවිද, මීට පෙර එවැනි යන්ත්‍රයක පැය 12ක කාලයක් තුල කිලෝ මිටර් 68.04 ඇවිද තබා තිබූ ගිනස් ලෝක වාර්තාව බිඳ දැමිමෙන් සහ යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 24ක කාලයක් තුල කිලෝ මිටර් 174.08ක දුරක් වේගවත් ඇවිදීම වශයෙන් මෙලෙස ගිනස් ලෝක වාර්ථා දෙකක් (02) පිහිටුවීමට සුදුසුකම් ලැබීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) සමත් විය.
තවද, මීට සමඟාමීව යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 06ක කාලයක් තුල කිලෝ මිටර් 52.56ක වේගවත් ඇවිදීමේ වාර්ථාව, යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 09යි විනාඩි 56 තත්පර 16කදි සැතපුම් 50ක් වේගවත් ඇවිදීමේ වාර්ථාව සහ යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 20යි විනාඩි 41යි තත්පර 15කදී සැතපුම් 100ක් වේගවත් ඇවිදීමේ වාර්ථාව වශයෙන් වාර්ථා 03ක් තබා ඇති අතර, එම වාර්ථාද ඉදිරියේදී ගිනස් ලෝක වාර්ථා ලෙස සලකා බැලීමට යෝජිතය.
නාවික හමුදාවේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලෙස, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ මව්බිම වෙත විශාල කීර්තියක් හා අභිමානයක් ගෙනදෙමින් ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටුවීමට සුදුසුකම් ලැබීම මඟින්; උත්සාහය, කැපවීම සහ අප්‍රතිහත ධෛර්ය තුලින් ඕනෑම අභියෝගයක් අධිශ්ඨානශීලීව ජයගත හැකිය යන වටිනා ආදර්ශය ලාංකීය තරුණ ප්‍රජාවට පමණක් නොව මුළු ලොව වෙත ගෙනහැර දැක්වීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) හට 2025 මාර්තු මස 09 වැනි දින අවස්ථාව උදා විය.
තවද, මෙම කර්තව්‍ය සඳහා නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධ නිල ආයතනය ලෙස කටයුතු කරනු ලබන සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනය සමඟ සම්බන්ධීකරණය වී මෙම කර්තව්‍ය ආරම්භ වු 2025 මාර්තු මස 08 වැනි දින සිට එය සාර්ථකව නිමාවටපත් වන තෙක් රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) වෙතත් විනිශ්චය සඳහා දායක වු නිලධාරීන් වෙතත් අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව විසින් කටයුතු සම්පාදනය කෙරිණි.