රාජාංගනය, ජලාශයේ සොරොව්ව අළුත්වැඩියා කිරීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් සහය
අක්‍රීය තත්වයේ පැවති රාජාංගනය, ජලාශයේ වම් ඉවුර සොරොව්ව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට නාවික හමුදාව 2025 මාර්තු මස 05 වැනි දින සිට 07 වැනි දින දක්වා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, රාජාංගනය, ජලාශයේ වම් ඉවුර සොරොව්වේ ඇතිවු දෝෂයක් හේතුවෙන් එය අක්‍රීය වී තිබු බැවින් එම සොරොව්ව කඩිනමින් අළුත්වැඩියා කර දෙන ලෙස අනුරාධපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නාවික හමුදාව වෙතින් සිදු කෙරුණු ඉල්ලීමකට අනුව, වයඹ නාවික විධානට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් විසින් සොරොව් බැම්ම පිරිළිසකර ජලය කාන්දුවීම නවතා, විසන්ධිවි තිබු සොරොව් කේබලය යතා තත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.
තවද, මෙම රාජාංගනය ජලාශයේ සොරොව්වේ නාවික හමුදා දායකත්වයෙන් සිදු කෙරුණු අළුත්වැඩියාවෙන් පසුව, කුඹුරු අක්කර 10,000 කට වැඩි ප්‍රමාණයකට අවශ්‍ය වාරි ජලය කාර්යක්‍ෂමව නිකුත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.