“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ය‍ටතේ නාවික හමුදාව මඟින් නිලාවේලි වෙරළ ප්‍රදේශයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ, නැගෙනහිර නාවික විධානයේ දායකත්වයෙන් නිලාවේලි වෙරළ ආශ්‍රීතව කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රීයාවට නැංවීමට 2025 මාර්තු මස 08 වැනි දින නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව, “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යථාර්තයක් බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ, සංවිධානය කෙරුණූ මෙම කඩොලාන පැළ රෝපණය කිරීමේ වැඩසටහන සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු එම විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.