තිස්සමහාරාම රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ “ලෝක සාමය උදෙසා මෛත්‍රි පාද යාත්‍රාව” නාගදීප විහාරස්ථානයට ලඟා වෙයි
ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය නියෝජනය කරමින් බෞද්ධ භික්‍ෂුන් වහන්සේ පනස් දෙනමකගේ (52) සහභාගීත්වයෙන්, 2025 පෙබරවාරි මස 07 වැනි දින තිස්සමහාරාම රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වූ “ලෝක සාමය උදෙසා මෛත්‍රි පාද යාත්‍රාව” අද (2025 මාර්තු 08) යාපනය නාගදීප රජමහා විහාරස්ථානයට ලඟාවූ අතර, නාවික හමුදා බෞද්ධ සංගමයේ දායකත්වයෙන් එම පාද යාත්‍රාවේ පැමිණි භික්‍ෂුන් වහන්සේ ඇතුළු පිරිස වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව, දකුණු පලාත, ඌව පලාත, සඹරගමුව පලාත, වයඹ පලාත, මධ්‍යම පලාත, උතුරුමැද පලාත සහ උතුරු පලාත ආවරණය කරමින් “ලෝක සාමය උදෙසා මෛත්‍රි පාද යාත්‍රාව” උතුරු මැද නාවික විධානය ඔස්සේ උතුරු නාවික විධානය වෙත ලඟාවීමේදී, ඒ සඳහා සහභාගී වූ භික්‍ෂූන් වහන්සේ උදෙසා ගිලන්පස පූජා කිරීම සහ දානය පුජා කිරීම බෞද්ධ ආගමික වත්පිළිවෙත් අනුව සිදු කෙරුණු අතර, ප්‍රථමාධාර ලබාදීම ඇතුළු අනෙකුත් පහසුකම් සැලසීමටද නාවික හමුදාව විසින් කටයුතු සිදු කෙරිණි.