රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) ගිනස් ලෝක වාර්ථා 02ක් පිහිටු වීම සඳහා ඇවිදීම ආරම්භ කරයි
යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක (Manual Treadmill) පැය 24ක කාළයක් එක දිගට ඇවිදීමෙන් ගිනස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවීම සඳහා රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අද (2025 මාර්තු 08) 1500 පැයට නාවික හමුදා මුලස්ථානයේදී, ලෝක වාර්තා පිහිටුවීම සම්බන්ධ නිල ආයතනය ලෙස කටයුතු කරනු ලබන සෙරන්ඩිබ් ලෝක වාර්තා ආයතනයේ අධික්‍ෂණයෙන් ඇවිදීම ආරම්භ කෙරිණී.
ඒ අනුව, ඊට පෙර යාන්ත්‍රික නොවන ඇවිදීමේ යන්ත්‍රයක පැය 12ක කාලයක් තුල කිලෝ මිටර් 68.04 ඇවිද තබා ඇති ගිනස් ලෝක වාර්තාව බිද දැමිමෙන් සහ පැය 24ක කාලයක් තුල කිලෝ මිටර් 160 ඇවිදීමෙන් මෙලෙස නව ගිනස් ලෝක වාර්තා දෙකක් (02) පිහිටුවීමට රියර් අද්මිරාල් ප්‍රින්ස්ලි ලියනගේ (විශ්‍රාමික) අපේක්‍ෂා කරයි.