යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨ වීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබද ප්‍රදර්ශනාත්මක පුහුණු අභ්‍යාසයක් දික්ඕවිට වරායේදී
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් Indian Ocean Rim Academic Group (IORAG) සහ United Nations Office on Drugs and Crime (UNODC) සංවිධාන සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කල යාත්‍රාවන් වෙත ප්‍රවිශ්ඨවීම, සෝදිසි කිරීම සහ අත්පත් කරගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධ ප්‍රදර්ශණාත්මක පුහුණු අභ්‍යාසයක් 2025 මාර්තු මස 05 වැනි දින දික්ඔවිට වරාය පරිශ්‍රයේදි පැවැත්වීමට කටයුතු සිදු කෙරිණි.
තවද, මෙම ප්‍රදර්ශණාත්මක පුහුණු අභ්‍යාසය නිරික්‍ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, Colonel Amanda Johnston Indian Ocean Rim Academic Group (IORAG), United Nations Office on Drugs and Crime (UNODC) ඇතුළු නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියහ.