ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
2025 මාර්තු මස 03 වැනි දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව, අද (2025 මාර්තු 06) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම, කොළඹ වරායේදී සිදු කෙරිණි.
‘INS KUTHAR’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහ දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් හා පුහුණු හුවමාරු වෙනුවෙන් සංවිධානය කෙරුණු වැඩසටහන් සඳහාද සහභාගී වූහ.
ඒ අනුව, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය විසින් සංවිධානය කල නෞකා වෙත ප්‍රවිශ්ඨවීම, පරික්‍ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේද සම්බන්ධව පුහුණු අභ්‍යාසයක් සඳහා මෙන්ම, ‘INS KUTHAR’ නෞකාව විසින් පැවැත්වු යෝගා වැඩසටහනක් සඳහා දෙරටේ නාවික හමුදා සමාජිකයින් සහභාගී වූහ.
තවද, කළාපීය නාවික හමුදා සමඟ හුවමාරු කරගනු ලබන නව දැනුම, කුසලතා සහ අත්දැකීම් තුලින් වර්ධනය වන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය, මඟින් ඉන්දීය සාගර කළාපයයේ නව ප්‍රවණතා සහ අභියෝග සඳහා සාර්ථකව සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට මහඟු පිටිවහලක් ගෙනදෙනු ඇත.