හොරොව්පතාන මොරකෑව මහා විද්‍යාලය ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් බවට පත් කිරීම සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ හා යටිතල පහසුකම් සංවර්ධනය කර අළුත්වැඩියා කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක දායකත්වයෙන් හොරොව්පතාන මොරකෑව මහා විද්‍යාල පරිශ්‍රය දරුවන්ගේ ඉගෙනීමට හිතකර පරිශ්‍රයක් කිරීම සඳහා පිරිසිදු කර අළුත්වැඩියා කිරීම 2025 මාර්තු මස 04 වැනි දින සිදු කෙරිණි.
දේශයේ අනාගතය භාර ගැනීමට සිටින දුවා දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ඇතුළු සමාජීය මෙහෙවර ව්‍යාපෘති සඳහා නාවික හමුදාව අඛණ්ඩව දායක වෙයි.
ඒ අනුව, “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන රජයේ දැක්ම යාථාර්තයක් කරගැනීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව සමාජමය, පාරිසරික සහ ආචාරධර්මීය වශයෙන් වෙනස් කිරීමේ “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතියේ ප්‍රධාන හවුල් කරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින්, එම ජාතික ව්‍යාපෘතියට සමඟාමීව සිදුකෙරෙණ දිවයිනේ තෝරාගත් පාසැල් පරිශ්‍ර පිරිසිදු කර යටිතල පහසුකම් සංවර්ධණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා දායක වෙයි.
ඒ අනුව, හොරොව්පතාන මොරකෑව මහා විද්‍යාලයේ දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් එම පරිශ්‍රය පිරිසිදු කර අවශ්‍ය පිළිසකර කටයුතු සිදුකිරීම සඳහා මෙලෙස නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය ලබාදීම, උතුරු මැද නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන් සිදුකෙරිණි.