ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගාල්ල සාගරික විශ්ව විද්‍යාලය වෙත පුහුණු ආධාරකයක් ලබා දෙයි
ශ්‍රී ලංකා සාගරික විශ්ව විද්‍යාලයේ ගාල්ල ප්‍රාදේශිය මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන උපාධි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් Yamaha 40 HP පිටත දහන යන්ත්‍රයක කැපුම් ආකෘතියක් භාරදීම 2025 මාර්තු මස 04 වැනි දින දකුණු නාවික විධානයේ ආඥාපති ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි
සාගර විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා දිගුකාලයක සිට අවශ්‍යතාවයක්ව පැවති මෙම පුහුණු ආධාරකය ලබාදීම මගින් උපාධි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ අධ්‍යපන කටයුතු සඳහා ලබාදුන් දායකත්වය එහිදී ඇගයීමට ලක්කළ ගාල්ල සාගරික විශ්ව විද්‍යාලයේ කළාපීය අධ්‍යක්‍ෂිකා අයි.එස් සමරසේකර මහත්මිය නාවික හමුදාව වෙත ප්‍රසංශාව පලකිරීමද සිදු කෙරිණි.